ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී පැවති රැස්වීමකදී ගොඨාභය රාජපක්ෂ හිටපු ආරත්ෂක ලේකම් වරයාට මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇමති රාජිත සේනාරත්න කථා කළේ මෙසේය.

“මෙවර ගෝඨාභය ඇමරිකාවට ගියෙ වෙනද වගේ ලංකාවේ පාස්පොතෙන් නෙමේ ඇමරිකන් පොතෙන්.ටිකට් ගත්තෙත් වෙන තැනකින්. ලබන 12 වනදා ලංකාවට එන්න දින දාගෙන තියනවා. ඡන්දෙ තත්වෙ බලලා. මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මම කළ ප්‍රකාශ වලට හිටපු ආරක්ෂක ලේකම්
ගෝඨාභය රාජපක්ෂ

මහතා ඇමරිකාවේ සිට මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පිළිතුරු ලබා දී තිබෙනවා.
මම කියනවා ඇමරිකාවේ සිට පිළිතරු ලබානොදී ලංකාවට පැමිණ පිළිතුරු ලබාදෙන්න කියලා. එයා ලංකාවට එන්න බයේ ඇමරිකාවට වී සිටිනවා. මැතිවරණයට පෙර තමයි ඇමරිකාවට පැනගත්තේ. මිග් යානා ගණුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.5 බැගින් මුදල් කොල්ල කා තිබෙනවා. එහි සත්‍ය පිටපත සහ ව්‍යාජ පිටපත අපට ලැබී තිබෙනවා. රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා නිදහස් දින උදෑසන අත්අඩංගුවට ගත්තා. ඩුබායි සිට ඇමරිකාව බලා හිටපු තානාපතිවරයා යාමට උත්සාහ කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයා හමුවීමටයි. මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් පරික්ෂණ ක්‍රියාත්මක වන නිසා දෙදෙනාම එකම පිළිතරුක් ලබාදිම සදහා සකච්ඡා කිරීමට තමයි ඔවුන් ඇමරිකාවේ දී හමුවීමට නියමිතව තිබුනේ. නමුත් හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනිමත් සමග රාජපක්ෂලා කැළඹීමට පත්ව සිටිනවා. හිටපු තානාපතිවරයා ලංකාවට ගෙනඒම සදහා 07 දෙනෙකුගෙන්  යුත් නිලධාරි කණ්ඩායමක් අද  ඩුබායි නුවර බලා පිටත්ව ගියා. දැන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සියලු කුණු හිටපු තානාපතිවරයා වෙත දමා මම වෙනුවෙන් පෙනී සිටින්න යැයි ඉල්ලා සිටිනවා. හිටපු තානාපතිවරයා රාජපක්ෂවරුන්ගේ බෑණා කෙනෙක්. තවත් බෑණා කෙනෙක් වන ජාලිය වික්‍රමසුරිය මහතා ද ඇමරිකාවට වී සැගවී සිටිනවා. එයාටත් අත්වන්නේ මෙම ඉරණමයි.”