හංවැල්ල පෙර පාසලක දිවා ආහාරය සඳහා රැගෙන එන ලද තැම්බූ කඩල ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කළ දැරියකට පහර දී කළුවර කාමරයක සිර කර තැබූ බව කියන ගුරුවරිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවැසීය.

ඒ  දැරියගේ මව

පෙරේදා (21දා) කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුවය. පරිෂණ ආරම්භ කර ඇත. දැරියගේ මව ඉකුත් 17 වැනි දින හංවැල්ල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව චෝදනාවට ලක්ව සිටින සැකකාර පෙර පාසල් ගුරුවරිය අත්අඩංගුවට ගෙන දැරියට සුළු තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් කේ. ජීවරානි මහත්මිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබිණි.

ඉකුත් 16 වැනි දින දැරියට දිවා ආහාරය සඳහා නිවෙසින් කඩල තම්බා යවා තිබේ. අනතුරුව එම ගුරුවරිය තඩල කන ලෙස බල කර දැරිය එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව දුවගේ කන මිරිකා පාදවලට පහරදී කළුවර කාමරයක සිරකර තැබූ බව දැරියගේ මව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ. එම දැරියගේ කන මිරිකීමෙන් කරාබුව අසලින් කන ඉරි තුවාල වී ඇති බවත් පාදවලට පහරදීමේ ලකුණු දක්නට ඇති බවත් දැරියගේ මව ළමා ආරක්ෂ ණු අධිකාරියට කරන ලද පැමිණිලේ වැඩිදුරටත් සඳහන් වේ.

එහි පැමිණිල්ල සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය නිසි අයුරින් පරික්ෂණ පවත්වා ඇති ද යන්නත් සොයා බලන බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ උසස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. මේ පිළිබඳව අදහස් දැක්වූ දැරියගේ මව වන ඉෂාරා ගයනි එදිරිසිංහ මහත්මිය මෙසේ පැවැසුවාය. මගේ දියණියට පෙර පාසල් ගුරුතුමිය කළ අමානුෂික ක්‍රියාව පිළිබදව ළමා ආරක්ෂ න අධිකාරියට මෙන්ම පෙර පාසල් අධිකාරියට ද ලිඛිතව පැමිණිලි කළා. දුව හොඳටම බය වෙලා ඉන්නේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ රමනි ද ලිවේරා මහත්මියගේ උපදෙස් මත පරික්ෂණ පැවැත්වේ.