කාන්තාවක් ඩීසල් මිලිලීටර් 1,45,000 ක් ද සමඟ මාවනැල්ල පොලිසිය මඟින් ඊයේ (21දා) දහවල් පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ - මහනුවර මාර්ගයේ ගමන් ගන්නා රාජ්‍ය ආයතන
වලට

හා සමාගම් වලට අයත් ලොරි රථ ඇතුළු රථවාහන ඊයැදුරන් විසින් හොරෙන් විකුණන ඩීසල් අඩු මිලට ලබාගෙන වැඩි මිලට විකිණීමේ මෙම ජාවාරමට සම්බන්ධ සැකකාර කාන්තාවගේ මියගිය සැමියා විසින් ද කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ මෙම ජාවාරම දැනට ඔහුගේ වැන්දඹු බිරිය විසින් කරගෙන යන බවට මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ දී පොලිසිය අනාවරණය කරගෙන තිබේ. අත්අඩංගුවට පත් 58 හැවිදි සැකකාර කාන්තාව පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ලබන 28 වැනි දා ඇය මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.