කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් නුගවෙල නයාපාත විද්‍යාලයේ දැල්පන්දු පුහුණුවට සහභාගි වීමට නොහැකි වූ ශිෂ්‍යාවකට පෙරේදා(21) දා එහි ක්‍රීඩා ගුරුවරයකු විසින් සිදු කළ පහරදීමකින් ඇය
තුවාල ලබා තිබේ.

එම විදයාලයේ 10 වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක මෙසේ පහරකෑමට ලක්ව ඇත.

මෙම ශිෂ්‍යාව කලාප තරග සඳහා දැල්පන්දු කණ්ඩායමට ඇතුළත්ව පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිට ඇත. මේ අතර සිද්ධිය වූ දිනයේ ඇය අසනීප වීම නිසා පුහුණුවට නොසිට පාසල අවසන් වූ පසු නිවසට ඒමට සුදානම් වූ අවස්ථාවේ. සැකකරු විසින් ඇයට පහරදී අසභ්‍ය වචනයෙන් බැණවැදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පහරකෑමෙන් ඇති වූ අධික වේදනාව නිසා මෙම සිසුවියගේ මව විසින් ඇය ගමිපොළ රෝහලට රැගෙන ගිය පසු වෛද්‍යවරු ඇය පරික්ෂා කර බැලීමෙන් අනතුරුව රෝහල් ගත කොට ඇත.
සැකකරුට එරෙහිව මීට පෙරද දරුවෙකුට පහරදීමක් හේතුවෙන් වන නඩුවක් විභාග වන බවද අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
දැරියගේ භාරකරුවන් විසින් මේ සමිබන්ධයෙන් පූස්සැල්ලාව පොලීසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබේ