සෙවණට සිටුවා තිබූ උණ පඳුරකින් බටයක් කපා ගැනීමෙන් උරණ වී 14 හැවිරිදි පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් බව පැවසෙන පුද්ගලයකු පෙරේදා  (21)දා  අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය පවසයි.



මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත දුම්රියපළ අසල පදිංචිකරුවෙකි.   සැකකරුගේ නිවස ඉදිරිපස ඇති මාර්ගයේ උණ පඳුරක් සිටුවා ඇති අතර, අදාළ සිසුවා කිසිවෙකුගෙන් විමසීමකින් තොරව එම උණ පඳුරෙන් බටයක් කපාගන තිබේ. මේ පිළිබඳ උරණ වූ සැකකරු පාසල් සිසුවාට අමානුෂික ලෙස පහරදී ඇති අතර, සිද්ධිය පිළිබඳ අදාළ සිසුවාගේ මව හලාවත පොලීසියට පැමිණිලි කර ඇත,  පසුව දෙපාර්ශ්වය කැදවා සිද්ධිය සමථයකට පත්කිරීමට පොලීසිය ගත් උත්සාහයක්ද ව්‍යාර්ථ වීතිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිද මෙවර පළාත් පාලන මැතිවරණයේදී හලාවත නගර සභාවට තරග කර ජයග්‍රහණය කළ අශික්ෂිකාවක බවද පැවසේ. සිද්ධිය සමිබන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.