හෙට (25) දින කැබිනට් සංශෝධනයක් වෙන බවත් අද ඇමති හෙට මන්ත්‍රී විය හැකි බවත් එක්සත් ජනතා නිදහස්. සන්ධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද (24) දින අගුණකොළපෑලැස්සේ පැවති උත්සවයකදී පැවසීය.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන්

ලැබී තිබූ රුපියල් මිලියන 300 ක් වටිනා ආධාර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සදහා බෙදා දීමේ උත්සවය සදහා පැමිණි ප්‍රතිලාභීන් අමතා ඇමතිවරයා එසේ පැවසීය.

දක්ෂයන්ට තැනක් හිමි වෙන කැබිනට් සංශෝධනයක් සිදු වෙනු ඇති බවට රටේ ජනතාව බලා පෙරොත්තු වෙන බවත් ඒ අනුව කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බවත් ඇමතිවරයා පැවසීය.

පසුගිය කාලයේ ඇමතිවරුන්ගේ කෙරුවාවල් බලා මේ කැබිනට් සංශෝධනය සිදු විය යුතු බවත් හිතවත් කම්වලට ඇමතිකම් දෙනවාට වඩා ඉලක්කගතව වැඩක් කළ හැකි හා කළ මන්ත්‍රී වරුන්ට ඇමතිකම් දීම කළ යුතු බවට රටේ ජනතාව තුළ මතයක් ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම ඡන්දයෙන් කිසිවෙකු දිනා නැති බවද ප්‍රාදේශීය සභාවට ඉල්ලූ හිටපු ජනාධිපතිතුමා පරදා සමහර ගමේ අය දිනූ බවද පැවසූ ඇමති මහින්ද අමරවීර මහතා ඉදිරියේදී නව මැතිවරණ ක්‍රමයේ යම් යම් වෙනස්කම් සිදු කළ යුතු බවද පැවසීය