ආගරපතන ඇඹියන්

වතු මාර්ගයේ ගමන් කරමින්තිබුණ ත්‍රීවීලර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක්

මතට ඉකුත් 28දා රාත්‍රීයේ පෙරළි යැම නිසා එහි ගමන් කරමින් සිටි පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇතැයිද තුවාල ලැබුවන් අතර අවුරුදු දෙකහමාරක කුඩා දරුවකු සිටින බවත් ආගරපතන පොලිසිය පවසයි.
රථය අඩි 35ක පමණ  ප්‍රපාතයක පිහිටි නිවසක් මතට වැටී තිබුණ අතර තුවාලකරුවන් 5 දෙනෙකු ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළු කරගත් බවත් එක් අයකුගේ තත්වය බරපතල බවත් වාර්තාවේ. ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිඳුර ප්‍රතිකාර සඳහා නුවරඑලිය මහ රෝහල වෙත මාරුකොට ඇත.
මෙම අනතුරින් එකළඟ නිවාස දෙකකටද හානි සිදුව ඇත.  පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

ශාන්ත හුලංනුගේ (ආගරපතන)