මීගමුවේ ප්‍රසිද්ධ පෞද්ගලික විද්‍යාලයක උසස් පෙළ දක්වා අධ්‍යපනය ලබා මිතුරන් සමග එක්ව මත්කුඩු බීමට
ඇබිබැහි වී

නිවාස හා වෙළෙඳ ආයතන කඩා රුපියල් ලක්‍ෂ ගණනක මුදල් සොරකම් කළ අයෙකු මීගමුව පොලීසියේ අපරාධ අංශය මගින් 25 දා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මීගමුව ග්‍රීන්ස් පාරේ පදිංචි අයෙකි. මේ තැනැත්තා කපනකටුවක් හා අඬුවක් උපයෝගයෙන් ගෙවල් බිඳිමට පුරුදුවී සිටි අයෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ
කපන කටුවක් හා අඩුවක්ද තිබූ බව පොලීසිය කියයි. දිනකට මත්කුඩු සඳහා අවශ්‍ය 1500 හෝ 2000 කෙසේ හෝ සොයාගත යුතු බවත් ඒ සඳහා ව්‍යාපාරික ස්තාන බිඳ කුමක් හෝ සොරාගැනීම අවශ්‍ය බවත් ඔහු පොලිසියට පවසා තිබේ.
සැකකරු අදිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.