කොස්ගොඩ, බොරළුකැටිය ප්‍රදේශයේ තිස් අට (38) හැවිරිදි සිව් දරු මව සහ ඇයගේ මාස 06 ක් වයසැති කුඩා දරුවාට කපා කොටා ඝාතනය කරන ලද කේන්දර බලන්නෙකු බව කියන සිද්ධියේ සැකකරු 2018 ජනවාරි මස 30 වැනි දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ
මහතා 24 දා නියෝග කළේය.
මෙම නඩුවේ මූලික සාක්ෂි විමසීම 2018 මාර්තු 13 වැනිඳින කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේත්ය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පාසල ඉදිරිපිට, කටුවිල, අහුන්ගල්ල ලිපිනයේ පදිංචි පොරොවගොඩ ටියුඩර් ද සිල්වා (65) නමැති අයයි.
සැකකරුගේ දුරකථන විලේෂණ වාර්තා ඔස්සේ පරික්ෂණ පැවැත්වූ කොස්ගොඩ පොලීසිය, එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පී. එම්. ඉරාන්

මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු මොරටුව ප්‍රදේශයේ සැඟ වී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මියගිය කාන්තාව, කලක් තිස්සේ ඇසුරු කරන ලද ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා මෙන්ම මියගිය කුඩා දරුවාගේ පියා බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. මොහු කේන්දර බැලීම, නැකැත් සෑදීම ආදී ජෝතිෂ කටයුතුවල නිරතව සිටි අයකු බවද  පොලීසිය කියයි.
බොරළුකැටියේ පදිංචිව සිටි රේණුකා (38) සහ ඇයගේ මාස 06ක් වයසැති කුඩා දරුවා පසුගිය 2017 මැයි 09 දා
බොරළුකැටියේ පිහිටි සිය නිවස තුළදී කපාකොටා ඝාතනය කළේ යැයි සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.
සැකකරු ඝාතන සිදුකර පසු සිය යතුරු පැදියෙන් අහුන්ගල්ල, කටුවිල පිහිටි සිය නිවසට පැමිණ, ඉදිරිපිට කඩකාමරයේ සිය යතුරු පැදිය ගාල් කර ඒ මත ඇද සිටි කබාය (ජැකට්) තබා දොරගුලු ලා පලාගොස් තිබූ බවද
පොලිස් පරික්ෂණවලදී තහවුරු වී තිබිණ. කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පී. එම්. ඉරාන් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් රංජන් (21930) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙය වීය.