ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නල්ලතන්නිය නඟරයේදී කේරළ ගංජා සුරුට්ටුවක් පානය කරමින් සිටියදී නල්ලතන්නිය පොලීසිය මගින්  සැක පිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
පැමිණවීමෙන් අනතුරුව  වරද පිළිගත් තරුණයෙකුට විනිසුරු

එස්.සරවණරාජා මහතා විසින් රුපියල් 2500/- ක දඩ මුදලක් ගෙවන් ලෙස නියෝග කළේය.
මෙසේ වරදකරු වූයේ, අනුරාධපුර, තලාව ප්‍රදේශයේ පදිංචි එස්.එම්. ඊමේෂ්රංග මධු මාධව අරවින්ද නැමති අයෙකි.
නල්ලතන්නිය පොලිස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත උ.පො.ප. පුෂ්පකුමාර, පො.සැ.හේමන්ත (59827), පොලිස් කොස්තාපල්වරුන් වන රාමනායක (60366) හා කුමාර (81155) යන නිලධාරීහු චූදිත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණි.

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)