ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් අද ජනවාරි 08 පෙරවරු 9 ට
රාජගිරිය ගුවන් පාලම

විවෘත කිරීමෙන් පසු
එම ගුවන් පාලම පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමි නමින් කරන ලෙසට යෝජනා කරන බව ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. ජනවාරි 08 දා සිදුවූ වෙනසට විශාල දායකත්වයක්
දැක්වූයේ උන්වහන්සේ බවත් මේ නිසා ගුවන් පාලම උන්වහන්සේගේ නමින් නම් කරන ලෙසට බොහෝ දෙනෙකු ඉල්ලා සිටි බවද ජනපතිවරයා සඳහන් කළේය.
 යකඩ මත කොන්ක‍්‍රීට් අතුරා මෙරට ඉදි කළ පළමු ගුවන් පාලමද මෙය වන්නේය.