පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් දූෂණ චෝදනාවලට වැරදිකරුවන් වූ පිරිස 500 කට ආසන්න යැයිද තනතුරු වලට පත්වුවද ඔවුන්ගේ මන්ත්‍රී ධුර
අහිමි වීමේ අනතුරක්

ඇතැයිද මැතිවරණ කෙමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර තිබේ.
මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට යෑමේ හැකියාව ඡන්දදායකයන්ට ඇති බවත්, මැතිවරණ කොමිසමටද ඊට අදාළ නිසි බලතල ඇති බවත් පවසන ඔහු මැතිවරණ කොමිසම මෙම දූෂිතයින් ගැන වාර්තා සකසන ලෙස සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට නියෝග කර ඇති බවත් දන්වා ඇත. ඒ අනුව  ඔවුන් නීති විරෝධී ලෙස කටයුතු කළ පුද්ගලයන්ද, රාජ්‍ය සේවයෙන් නීතිප්‍රකාරව ඉවත් නොවී මැතිවරණයට තරග කරන්නන්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව දන්වා ඇත.
පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් 57,252ක් ඉදිරිපත්ව සිටින අතර, එයින් 8,356ක් මන්ත්‍රීවරුන් ලෙස තෝරා ගැනීමට නියමිතය.