බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ බාල පුත්, එඩ්වඩ් කුමරු, ලබන පෙබරවාරි 04 වෙනි දින පැවැත්වීමට නියමිත 70 වෙනි නිදහස් උත්සවයට නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතය.



ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් දින උත්සවය වෙනුවෙන් ජනවාරි 31 වෙනි දින දිවයිනට ළඟා වන එඩ්වඩ් කුමරු පෙබරවාරි 05 වෙනි දින පිටත්ව යාමටද නියමිතය.
මින් ඉහත ඔටුන්න හිමි චාල්ස් කුමරු, එලිසබෙත් රැජින නියෝජනය කරමින් 1998 දී චන්ද්‍රිකා ජනපතිනි පාලන සමයේ පැවති 50 වෙනි නිදහස් උත්සවයට සහභාගි විය.

 දෙවැනි එළිසබත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ කනිටු පුත් එඩ්වඩ් කුමරු වෙසෙක්ස්හි ආදිපාදවරයා යන නමින්ද හැඳින්වේ.
මෙවර නිදහස් උළෙලට ජපානයේ සහ තායිලන්තයේ රාජකීයයන් වෙතද ඇරයුම් කර ඇතැයි සඳහන්ය.
ගාලු මුවදොර ප්‍රධාන සමරු උළෙල පැවැත්වෙන අතර ‘එකම දැයක්’ යන තේමාව යටතේ ප්‍රාදේශීය
කොට්ඨාස මට්ටමින්ද සමරු උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇත.