ජනපති මෛත්‍රිපාල සිරිසේන තමන්ට 2021 වනතුරු ජනපති ධූරයේ සිටීමට හැකිද යන්න ගැන නීතිමය
තත්වය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට ලක් කර තිබේ.

ජනපති ලිඛිත ඉල්ලීමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර ඇති මෙම ගැටලුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ. කේ.ටී. චිත්‍රසිරි සහ සිසිර ද ආබෘ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ලත් හමුවේ හෙට (11) සලකා බැලිමට නියමිතය. 2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබා සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්චු අතර, 2015 ජනවාරි 9 වැනිදා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ අවස්ථාවේදී ජනාධිපති ධූරයේ නිල කාලය වසර හයක් විය. කෙසේ වෙතත් ඊට පසුව පාර්ලිමේන්තුවෙ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති ධූරයේ නිල කාලය වසර 5 දක්වා අඩු කෙරිණි. මෙම තත්ත්වය අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය සබ්බින්ධයෙන් ගැටලුවක් මතුවී ඇති නිසා මෙම තත්වය විමසා තිබේ.