ඉකුත් දා ඇමරිකාවේ ලොස්‌ ඇන්ජලිස්‌ නුවරදී පැවති 2017 ආසියානු සිනමා උළෙලේදී ශ්‍රී ලාංකේය සිනමාවේ නාමය ගෞරවාදරයට පාත්‍ර කරමින් ආසියාවේ හෙඳම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබන්නට ප්‍රවීණ
රංගනවේදිනී අනෝමා

ජනාදරී සමත් වූවාය. චිත්‍රපට අධ්‍යක්‌ෂ සංජීව පුෂ්පකුමාරගේ "දැවෙන විහගුන්" චිත්‍රපටියේ ඈ නිරූපිත චරිතය මෙසේ සම්මානිත විය. ඒ අනුව ඇයට උපහාර පිදීම සහ එම සම්මානය පිරිනැමීමේ උත්සවය"සිනමානෝමා" තේමාව කරගනිමින් ඉකුත්දා බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හෝටලයේදී පැවැත්විණි.

 කලාකරුවන් ප්‍රභූවරුන් සහ අනෝමාට ආදරය කරන රසික රසිකාවියන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයේදී ප්‍රවීණ රංගණවේදිනී අනොමා ජනාදරීට සම්මානය පිරිණැමුනු අතර, අනතුරුව මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ප්‍රවීණ කලා ශිල්පී, නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ඇතුළු පිරිස සමග ඇය සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ මෙසේය. - සුජීව