උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ
සාකච්ඡා යළි ඇරඹීමට තීරණය වී තිබෙනවා.

මේ අනුව ලබන අඟහරුවාදා මෙම දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වුණා. ඒ දෙරට අතර වන දේශසීමාවේ පන්මුන්ජෝම් ගම්මානයේදී.

පෙබරවාරියේදී දකුණු කොරියාවේදී පවත්වනු ලබන

සිසිර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට උතුරු කොරියානුවන් සහභාගී වීම පිළිබඳ මෙන්ම වෙනත් කරුණු පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා අවසන් වරට පවත්වන ලද්දේ 2015 දෙසැම් බරයේදීයි.

මෙම වසර ආරම්භයේදී සිය අලුත් අවුරුදු කතාවේදී උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් තමන් සතුව න්‍යෂ්ඨික අවි ඇති බවට අනතුරු ඇඟවීමක් කළ නමුත් ඒ සමඟම ඔහු සාකච්ඡා සඳහා සිය කැමැත්ත දක්වා සිටියා.

මේ අතර දකුණු කොරියාව ද පෙබරවාරියට සැලසුම් කළ හමුදා පෙරහුරුවක් අවලංගු කළ බව කියා සිටියා. මෙයින් අනතුරුව දෙරට අතර සාකච්ඡා සඳහා එකඟත්වයක් ඇති වුණා.