නවගත්තේගම නගරයේදි තරුණයකුට පහර දුන් බව කියන ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුතා සහ තවත් තරුණයෙකු අත්අඩංගුවට ගෙන
අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය නියම කළාය. මෙසේ ඇප මත අධිකරණය විසින් මුදා හැර ඇත්තේ නවගත්තේගම පදිංචිකරුවන් වන අයේෂ් ශානක කුමාර සහ තරංග මධුශංක

යන දෙදෙනකුය. පසුගිය 10 වැනිදා නවගත්තේගම ඉන්ධන පිරවුම් හල අසලදී මෙම ගැටුම සිදුවී ඇත. පහර කෑමට ලක්ව ඇති නවගත්තේගම
පදිංචිකරුවකු වන විද්‍යාපති මුත්තලාගේ බුද්ධික ශාලිත බිණඩාර යුබිසිපහ (අවු:19) යන අය නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වි පසුව ඔහු සිය කැමැත්තෙන් නවගත්තේගම රෝහලෙන් පිටත්ව ෙෆාස් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ.
පහර කෑමට ලක්ව ඇති තරුණයා සහ සිද්ධියට සමිබන්ධ අනෙක් තරුණයන් දෙදෙනා අතර පෙර අමනාපයක් තිබී ඇති බිවත්, මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ එය බවත් පොලිසිය පවසයි.
නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවින් ඉන්දුජිත් දයානන්ද මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යති.
(ජූඩ් සමන්ත)