ඩොලර් මිලියන ගණනක් විශුද්ධිකරණය කිරීමේ චෝදනා මත රහස් පොලිසිය විසින් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගනු ලැබූ රුසියානු ජාතික හාරින් මැනොකින් නමැත්තකු පැන යාම පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ දැනුම් දීමක් ශ්‍රී ලංකා රජය වෙත ලැබී තිබේ.

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රුසියානු ජාතිකයාට මහාධිකරණය මගින් ඇප දීමෙන් පසු සතියකට වරක් රහස් පොලිසිය ඉදිරියේ පෙනී සිටින්නට නියම කර තිබුනි.
අවස්ථා කිහිපයකදී පමණක් රහස් පොලිසිය ඉදිරියේ පෙනී සිටි රුසියන් ජාතිකයා ඉන් පසු නොපැමිණීම

සම්බන්ධයෙන් හේතු සොයා බැලීමේදී ඔහු රටින් පැනගොස් ඇති බවට අනාවරණය විය.
මැනොකින් නම් රුසියානු ජාතිකයා ශ්‍රී ලංකාවෙන් පැනයාම රුසියාවේ නැවක් මෙරටට අලෙවි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට රුසියානු කණ්ඩායම ලංකාවට පැමිණි කාලය තුළ දී සිදුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යනාංශය අනාවරණය කරගෙන තිබේ.
ජාත්‍යන්තර මට්ටමේ මුදල් විශුද්ධිකරණයේ යෙදී සිටින්නෙකු වූ රුසියන් ජාතිකයාට ලංකාවෙන් පිටවීමට අවස්ථාව දීම ගැන සිය ස්ථාවරය දක්වමින් ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ලිපියක්ද බාර දෙනු ලැබීය.