පළාත් පාලන මැතිවරණය ලබන පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. අද (18) පෙරවරුවේ මැතිවරණ කොමිසමේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී කොමිසමේ සභාපති මහින්ද
දේශප්‍රිය මහතා මේ බව

ප්‍රකාශ කළේය.

පෙබරවාර් 08,10,12 හා 17 යන දින හතරින් එකකදී මැතිවරණය පැවැත්විය යුතුවීමෙන් පසු කොමිසම කළ දීර්ඝ සාකච්ජාවෙන් අනතුරුව 10 වැනිදා දිනය මැතිවරණය පැවැත්වීමට තීරණය කළ බව ඔහු පැවසීය.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නීති අද සිට ක්‍රියාත්මක කරන බව පැවසූ මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේ මැතිවරණ නීති උල්ලංඝනය කරන ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන බවත් පළමු හා දෙවෙනි අවස්ථාවෙන් පසු ප්‍රසිද්ධියේම නම ප්‍රකාශයට පත් කර අවවාද කරන බවයි. මේ අතර තැපැල් ජන්ද සඳහා ඉල්ලුම්පත් භාර ගැනීම දෙසැම්බර් 22 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.
මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම සමග  පළාත් පාලන ආයතන 248ක නාමයෝජනා භාර ගැනීම අද ආරම්භ විය.