දූ දරුවන් ලක්‍ෂ සංඛ්‍යාත ගණනක් පෙනී සිටින අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මේ දිනවල පැවැත්වෙන
නමුත් ඒ ගැන නිසි

වැටහීමකින් තොරව ආගමික ස්ථාන ලොතරැයි අලෙවිසල් වාහන කර්මාන්ත ශාලා සිය කටයුතු සුපුරුදු පරිදි ශබ්ද දූෂණය සහිතව පවත්වාගෙන යයි.
මධ්‍යම පරිසර අධිකාරිය දන්වා සිටින්නේ ඒ ගැන සැලකිලිමත්වී ශබ්ද පාලනය සිදුකරන ලෙසයි.
යම්කිසි කටයුත්තක්‌ සදහා භාවිත කරන ශබ්දය අන් අයට හානියක්‌ සිදු නො වන පරිදි කළ යුතු බවට පරිසර අධිකාරිය නීතිරීති පනවා ඇති අතර නිවසේ සහ යානවාහනවල මෙන් ම වානිජ ස්ථානවලත් විවිධ අවස්‌ථාවල දී භාවිත කරනු ලබන ශබ්දවාහිනී හඩ හැකි පමණ පහත් මට්‌ටම්වලින් තබාගනිමින් විභාගය දූ පුතුනට සහාය වන ලෙස ඉල්ලා තිබේ.
 ශබ්ද පාලන පනත අනුව ගෘහස්‌ථ ශබ්ද සීමාව ඩෙසිබල් 55 ලෙස ගැනේ. රාත්‍රි කාල වේලාවන් සදහා එය ඩෙසිබල් 5 තරම් අඩු මට්‌ටම්වලට සීමා වේ.