පසුගියදා ටෙලි නළු රොෂාන් පිලපිටිය සමග යුග දිවියට පිවිසි නවක නිළියක බව කියන රිද්මා සතිඅන්ත පුවත්පතක් අමතමින් සිය ජීවිත වෙනස ගැන මෙසේ අදහස් පවසා තිබේ.


‘රොෂාන් කියන නළුවාට නෙවෙයි මම ආදරය කළේ. ඒ පුද්ගලයාටයි. එයා
හරි සරලයි. ඒ වගේම අවංකයි. මම වගේම තමයි එයා හිතන විදියත්. ඉතින් එය ජීවත්වීමට පහසුයි කියලා
හිතුවා. ඇත්තටම අපි දෙන්නගෙ අදහස් හොඳට ගැලපෙනවා. මිතුරන් ලෙස සිටියදී එය අපට හොඳින් දැනුණ දෙයක්. එයාගෙ සරල ගතිවලට මම ආසයි. ඒ නිසා මගේ හිත ඔහු ළඟ නතර වුණා.
මගෙ පවුලේ අම්මා,

තාත්තා සහ මම විතරයි. අම්මා තාත්තා දෙන්නම විදෙස්ගත වෙලා සිටින්නේ. මං දැන් රංගනය හදාරණ කෙනෙක් ඊට අමතරව නීතිය ඉගෙන ගන්න කෙනෙක්.
පාසල් කාලයේ ඉඳලාම මගේ බලාපොරොත්තුව වුණේ නීතිඥවරියක් වීමටයි. දැන් ඒ වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. ඊට අමතරව දමයන්ති ෆොන්සේකා රංගනවේදිනිය හා සුසන්ත විතානගේ මහතා යටතේ රංගන පාඨමාලාවකුත් හදාරනවා.
විවාහය කියන දේ ගැන මගේ අදහස වන්නේ තේරුම් ගැනීම කියන දේ හරියට තිබෙනවා නම් විවාහයට යෑම සුදුසුයි. ඒක ඇත්තටම හරිම සුන්දරයි. දෙදෙනෙක් එකතු වෙනවා. ඊට පස්සේ ජීවිත කාලයම ඒ දෙදෙනා
එකට බැඳී දුක සැප සියල්ලට මුහුණ දෙමින් ජීවිතය ගෙවා දමනවා. විවාහය ඇත්තටම සුන්දරයි.
රොෂාන් පෙර විවාහයෙන් ඈත්වීම ආදී ගැටලු ගැන මට ප්‍රශ්නයක් නෑ.
මම හිතන්නෙ අදහස් නොගැලපෙනවා නම් විඳවන්නෙ නැතුව වෙන්වීම වඩා හොඳයි. ඒ කොහොම වුණත් මට එයාගේ අතීතයේ සිදුවීම් කොහෙත්ම ප‍්‍රශ්නයක් නෙවෙයි. අපි හරි ආදරයෙන් ඉන්නේ. ඉදිරියටත් එහෙම වේවි.
සැමියකු විදියට මම ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ විශ්වාසය සහ අවංකකමයි. අපි දෙන්නා අතර එය උපරිමයෙන්ම තියෙනවා. දෙන්නාට දෙන්නා උදව් කරගෙන සරලව ජීවිතය ගෙනයාම තමයි අරමුණ.
මම රොෂාන් අයියා තරුවක් කියන තැන සිටින කෙනෙක් නෙවෙයි. තරුවකට නෙවෙයි මගේ හිත ගියේ
රොෂාන්ටයි. එයාගෙ විදිය ඇත්තටම හරිම සාමාන්‍යයි. නළුවකු කියලා හිතට අරගෙන ජීවත් වන කෙනෙක් නෙවෙයි.
මගෙ කලා වැඩ ගැන කියනව නං ගීතයක විෂුවල් එකකට පෙනී සිටියා. 2016 වසරේදී ක්ලීන් ඇන්ඩ් ක්ලියර් කුමරිය ලෙස තේරුණා. කලාව මගේ ජීවිතයට සමීපයි. රංගනයට පැමිණ ජීවිතය අතිශයින් කාර්යබහුල වීම මගේ ජීවන රිද්මය නොවෙයි. නර්තනයට, ගීත ගායනයට, රංගනයට යම්කිසි දක්ෂතාවයක් තියෙනවා.
මගේ වැඩවලට එයාගෙන් තහංචි නැහැ.
විවාහය කියන්නෙ දෙන්නාට දෙන්නා තහංචි දාගෙන, සැකයෙන්, භීතියෙන් ගෙවන ජීවිතයක් නෙවෙයි.
දෙන්නට දෙන්නා අවංක වීම ඉතා වැදගත්. විවාහය කියන්නේ අරුත්බර දර්ශනයක්. ඒ දර්ශනයේදී දෙදෙනාගේ නිදහස හරි වැදගත්.‘

සටහන - සඳුන් ගමගේ (සඳැල්ල)