වන අලි හා ඇතුන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වන අයකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිඛෙනවා.
ඒ අනුව ඊට අදාළව වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත සංශෝධනය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය සහ වනජීවි සම්පත් සංරක්ෂණය තහවුරු කිරීම සඳහා වනජීවී නිලධාරින්, පොලිස් නිලධාරින් හා ආරක්ෂක හමුදා විසින් ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීම‍ට වනජීවී රක්ෂිත තුළ හා ඉන් බැහැර
වනජීවී සම්පත්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය බලතල, වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ වනජීවී නිලධාරින් හා පොලිස් නිලධාරින් වෙත පවරනු ලැබ තිබේ. අලි – මිනිස් ගැටලුව ද ඇතුළුව වනසතුන් හා මිනිසුන් අතර වන ගැටුම් කළමනාකරණය හා බැඳුණු රාජකාරි ද වනජීවී සංරක්ෂණ නිලධාරින් වෙත පවරනු ලැබ තිබේ. සෑම වසරකම වනඅලි 240ක් පමණ අලි – මිනිස් ගැටුමේ

ප්‍රතිඵලයක් ලෙස මරණයට පත් වෙති. මේ අතර පසුගිය කාලසීමාව තුළ වනජීවී රක්ෂිත තුළදීම දළ ඇතුන් මරා දමන ලද අවස්ථා කිහිපයක් වාර්තා විය.

මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වළක්වා ලීමේ අරමුණින්, දළ ඇතුන් ද ඇතුළත්ව මෙරට අලි ගහනය සහ අනෙකුත් වනජීවීන් ස්වාභාවික වනාන්තර තුළදීම ආරක්ෂා කිරීම සඳහා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ආරක්ෂක හමුදාවල නිලධාරින්ගෙන් සමන්විත ඒකාබද්ධ කාර්යසාධක බලකායක් ඇති කර, ක්ෂේත්‍ර මුර සංචාර සිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත්, අවශ්‍ය අවස්ථාවන්හිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහාය ද ඒ සඳහා ලබාගැනීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තවද, වනඅලි ඝාතනයකදී උසාවියකින් වරදකරු වන අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ හැකි වන පරිදි, වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.