කෘමිනාශක වැඩියෙන්ම පාවිච්චි කරන්නේ උතුරු පළාතේ. මේ නිසා වැඩිම පිළිකා රෝගීන් වාර්තා වන්නේ උතුරු පළාතෙන්. මීළඟට වැඩියෙන්ම වල් නාශක පාවිච්චි කරන්නේ නුවරඑළියේ. මේ නිසා වඳ භාවය ඇති වෙලා යැයි දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා ගාල්ල නගර සභා ශාලාවේ
පැවැති 'රසසරණිය' ප්‍රදර්ශනයේදී දකුණු පළාතේ පාසල් 78ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි වූ චිත්‍ර හා කථික තරගවලින් ජයග්‍රහණ ලැබූවන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් පැවැසීය.

ආණ්ඩුකාරවරයා මෙසේද කීය. අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ විවාහක

කාන්තාවන්ගෙන් පස් දෙනකුගෙන් තුන් දෙනකුට දරුවන් උපදින්නේ නැහැ. වස විස ඇති ආහාර භුක්ති විඳීම නිසා කුෂ්ඨ රෝග, බෝ නොවන රෝග, පිළිකා ඇති වී තිබෙනවා.

වසර 2500කට වැඩි ප්‍රෞඪ ඉතිහාසයක් ඇති අපේ රටේ වසර පන්දහසකට හයදහසකට එපිට මහා රාවණ රජුගේ සමයේ ඉඳලා දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළු විවිධ හාස්කම් තිබුණා. හොඳ ආහාර රටාවක් තිබුණා. මාලුපිනි, බැදුම්, මැල්ලුම්, තන්තුමය ආහාර එදා අපේ මුතුන් මිත්තන් භුක්ති විඳීම නිසා දියවැඩියාව, පිළිකා, හෘද රෝග තිබුණේ නැහැ. රසායනික පොහොර පාවිච්චියත් සමඟ මේ සියල්ල වෙනස් වුණා.

විද්‍යාව කියලා අවිද්‍යාව බදාගැනීම නිසා අපට මේ තත්ත්වය ඇති වී තිබෙනවා. කෘෂි රසායනික භාවිත නොකරන ක්‍රමවේද ලෝකයේ විවිධ රටවල්වල තිබෙනවා.
එදා දුම්මැස්ස ආහාර කල් තබාගන්න අපේ ගැමියන් සොයාගත් ක්‍රමයක්. කළු ‍ෙදා‍ෙදාල් පුවක් කොළයේ ඔතලා දුම්මැස්සේ එල්ලුවේ ආහාර කල් තබා ගැනීමේ ක්‍රමයක් විදියටයි. මෙවැනි සරල ක්‍රම අපට එදා තිබුණා. පාසල් දරුවන් මේ ක්‍රමවේද සොයා යායුතුයි. එදා වයින් හැදුවේ මිදිවලින් පමණයි. අද කජු පුහුලන්, තැඹිලි වතුරවලිනුත් වයින් නිෂ්පාදනය කරනවා.

රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි