විදෙස් පුරවැසිකම තහවුරුවීම නිසා
ගීතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට නොහැකි බව
ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි


ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබේ.
2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින්
පාර්ලිමේන්තුවට

තේරිපත් වූ ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය දැරීම හේතුවෙන් මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බව මීට පෙර අභියාචනාධිකරණය  තහවුරු කළ නමුත්  ඊට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කර  තිබු  අභියාචනය නිසා ටික කලකට ඇයට තනතුර යළි ලැබී තිබිණි.

ඇගේ පෙත්සම විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද එය නිෂ්ප්‍රභා කරන ලදි.

ඇයට එරෙහිව අභියාචනාධිකරණය හමුවට ගියේ ගාලු දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් සිව් දෙනෙකි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරියට නියෝග කළේ, අදාල තීන්දුව වහාම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත යොමු කරන ලෙසය.