බැඳුමිකාර කොමිසමේ කටයුතු සඳහා සහය වන වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ හැසිරීම සමිබන්ධයෙන් කොමිසම ලිවේරා මහතාට තරයේ අවවාද කලේය.
අධිකරණය නියෝගයක් දුන් පසුව සාමාන්‍යයෙන් ඒ සම්න්ධයෙන් නීතීඥවරුන් එම් අධිකරණයටම කරුණු
ඉදිරිපත් නොකරන බව පෙන්වා දුන් බැඳුම්කර කොමිසමේ විනිසුරුවරුන් තිදෙනාගෙන් දෙදෙනකු සඳහන් කළේ දප්පුල ද ලිවේරා මහතාගේ හැසිරීම ජෙයාෂ්ඨ නීතීඥවරයකුට තරම් නොවන බවයි.

කොමිසමට සහය වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ

ප්‍රහ්නගත බැඳුම්කර සිද්ධිය සෙවීම සඳහා පත් කළ මෙම කොමිසමට අනුයුක්තව විමර්ශන කටයුතු කරන රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක තුවාන් ඉෂාන් රාබින් මහතා සාක්කි දෙමින් තමන් විසින් ප්‍රකාශ සටහන් කරගන්නා ලද සාක්කිකරුවන් 70කගේ පමණ ප්‍රකාශ කොමිසමීට ඉදිරිපත් කිරීමට සුදානම් බව කීය.
ඒ අවස්ථාවේදී මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා ඊට විරුද්ධත්වය පළ කළේය. විමර්ශන නිලධාරීන් විසින් සටහන් කර ගන්නා ලද ප්‍රකාශ ලේඛන වශයෙන් ලකුණු කොට ඉදිරිපත් කිරීම් අපරාධ නඩු විධාන සංග්‍රහයට මෙන්ම සාක්කි ආඥා පනතට පටහැනි යැයි පැවසූ නීතීඥ චානක ද සිල්වා මහතා මෙම සාක්කිකරුවන් විමර්ශන නිලධාරීන්ට ලබාදුන් ප්‍රකාශ කොමිසමට ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන්  විරුද්ධත්වය පළ කළේය. කොමිසම් කටයුතු කළ යුත්තේ කොමිසම් හමුවේ ඉදිරිපත් වන සාක්කි මීත පිහිටා මිස තොමිසෙබ් විමර්ශන නිලධාරීන් විසින් සටහන් කරගනු ලබන සාක්කි මත පිහිටා නොවන බව කී නීතීඥ චානක ද සිල්වා මහතා පොලිස් නිලධාරීන් සටහන් කරගනු ලබන
ප්‍රකාශ සාක්කි වශයෙන් කිසිවිටෙකත් අධිකරණ බාරනොගන්නා බවද පෙන්වා දුන්නේය. අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඤ යසන්ත කෝදාගොඩ මහතා තොමිසම් අමතමින් කොමිසමේ ආකාර දෙකකට අනුව ක්‍රියාත්මක වන බවත් විවෘතව සාක්කි ලබා ගැනීම එක් ක්‍රමයක් බවත් අනෙක් ක්‍රමය වන්නේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන විමර්ශන බවත් පෙන්වා දුන්නේය.


ඒ අනුව මෙම ලේඛන කොමිසමට ඉදිරිපත් කිරීමට අවසර දෙන්නනැයි ජනාධිපති නීතීඥ යසන්ත තෝදාගොඩ මහතා කොමිසමෙන් ඉල්ලීමක්ද කළේය. ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මෙහන්දුන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතාගේ විරෝධය පිළිගත් කොමිසම අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට ඉඩ ලබා නුදුන්නේය. ෙබ් අවස්ථාවේදී වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් මෙම ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකිවීමෙන් විමර්ශන කටයුතුවලට බාධාවන් වන බව කීය.
කොමිසමක විනිසුරුවරුන් කොමිසම අමතමින් මේ වනවිට නියෝගයක් නිකුත් තර ඇති හෙයින් ඒ අනුව කටයුතු කරන ලෙස දැනුම් දුන්නත් ලිවේරා මහතා දිගින් දිගටම් කොමිසම අමතමින් යම් යම් කරුණු පැවසූ අතර ඒ අවස්ථාවේදී ඔහුව අවවාද කිරීමට කොමිසමේ විනිසුරුවරු පියවර ගත්හ. ඉන් අනතුරුව කොමිසමේ කටයුතු සිදුකෙරිණි. 2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිතුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි (සභාපති), ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකයාධිපති පෙලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)