ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා ජාතික නිදහස් පෙරමුණු සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ  ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා.
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල්
වීරවංශ ඇතුළු පිරිසක්

මෙම අවස්ථාවට එක්වුණා.
නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්  මූලික කරුණු 03 ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ලිපියක් භාර දුන් බව මන්ත්‍රී විමල් මෙම සාකච්ඡාවෙන් අනතුරුව කියා සිටියා. මෙම ව්‍යවස්ථාව භයානක බවත් එය සිංහල ජාතියට හානියක් බවත් තමා ජනපතිට දැන්වූ බව ඔහු කියා සිටි අතර මෙය කැබිනට් මණ්ඩලයට දැමූ පසු ඉවතට විසිකර දමන ලෙස ඉල්ලා සිටි බවද කියා සිටියා.
අගමැති රනිල් සමග මේ ගැන සාකච්ඡාවකට යන්නේ නැතිදැයි මාධ්‍යවේදීයෙකු විමසූ අවස්ථාවේ විමල් මන්ත්‍රීවරයා කියා සිටියේ ‘වස කෑම වේල තනන කෝකියා සමග කවර කථාද‘ යනුවෙනි.