ඊයේ (15) රාත්‍රි 7.00 ට පමණ කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් රාගම
දුම්රිය ස්ථානය සහ හොරපේ

දුම්රිය ස්ථානය අතර ගමන් කරමින් සිටියදී එහි ගමන් කළ මගීන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු අයෙක් තවත් අයෙක්ව තල්ලු කර ඝාතනය කර තිබෙයි.
දුම්රිය මාර්ගයට ඇද වැටුණු පුද්ගලයා දරුණු තුවාල ලබා මිය ගොස් තිබෙයි. මියගිය අය වයස අවුරුදු 45ත් 50ත් අතර පසුවන බව පොලිසිය සඳහන් කර තිබේ.
දෙදෙනාම දුම්රියේ ගමන් කරද්දී කෑකෝ ගසමින් ආරවුලක් දුරදිග ගිය බවත් එය බේරන්නට අනෙක් අය ඉදිරිපත් වුවත් පලක් නොවූ බවත් කෝපය ඉහවහා ගිය පුද්ගලයා දුම්රියේ දොරටුව අසළදී එක්වරම අනක් පුද්ගලයා තල්ලුකර දැමූ බවත් පරීක්ෂණ වලදී හෙළි විය.
තල්ලු කළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇත.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) සිදු කිරීමට නියමිතයි.