යාපනයේ සිට වවුනියාව දක්‌වා හදිසි රෝගියකු රැගෙන එන ලද ගිලන් රථයක කාර්ය මණ්‌ඩලය පසුගිය සිකුරාදා (13 දා) ගිලන් රථය අතරමග ස්‌ථානයක නවතා අයිස්‌ ක්‍රීම් කමින් විනෝද වූ සිද්ධියක්‌ සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන මෙන් උතුරේ ස්‌වෙච්ඡා සංවිධානයක්‌
උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයාගෙන් ඉල්ලීමක්‌ කොට තිබේ.


උතුරේ රෝගීන් ආරක්‍ෂා කිරීමේ සංවිධානය ලෙසින් හඳුන්වා ඇති එම සංවිධානය කියා සිටින්නේ මෙම සිද්ධිය පමණක්‌ නොව උතුරේ බොහෝ රෝහල්වල කාර්ය මණ්‌ඩලය රෝගීන් සමග මත්පැන් පානයටද හුරුවී ඇති බවයි. රෝගීන් විසින් එම සේවකයන්ට විවිධ ආහාරපාන හා මත්පැන් සපයා දෙමින් රාත්‍රි කාලයට රෝහල් තුළ සාද පවත්වන බවටද ඡායාරූප සහිතව පැමිණිලි ඉදිරිපත් කොට තිබේ.

මෙම චෝදනාවලින් වැඩිම චෝදනා සංඛ්‍යාවක්‌ ඉදිරිපත්වී ඇත්තේ වවුනියාව මහ රෝහලේ කාර්ය මණ්‌ඩලයට එරෙහිවය.

 මීට පෙර තම සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද චෝදනා සම්බන්ධයෙන් කිසිදු පරීක්‍ෂණයක්‌ නොපැවැත්වීම කෙරෙහි උතුරේ රෝගීන් ආරක්‍ෂා කිරීමේ සංවිධානය සිය කනගාටුවද ප්‍රකාශ කොට තිබේ.

 දිනසේන රතුගමගේ