ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිපයේ නව සංවිදායක පත්වීම් ප්‍රකාශකොට නව ආසන සංවිධායක ධුර
ඊයේම  ප්‍රදානය

කරන ලද අතර ඒ අනුව හිටපු ජනපති මහින්ද හා එක්වූ අය ඉවත්කිරීමක් හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා නැවත දේශපාලන ක්‍රියාකාරීත්වයට ගෙන ඒමක් සිදුව ඇත.

මතුගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක කුමාර වෙල්ගම සහ නාවලපිටිය ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ  එම තනතුරු වලින් ඉවත්කොට මතුගම නව සංවිධායකවරිය ලෙස හිටපු අමාත්‍ය සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර මහත්මියත් නව  ශ්‍රීලනිප ආසන සංවිධායකවරිය නාවලපිටිය ශ්‍රීලනිප  ආසන සංවිධායක ලෙස මධ්‍යම පළාත්සභා මන්ත්‍රී එච්.ඒ රණසිංහ මහතාත් පත්කොට තිබේ.
අත්නගල්ල ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පත් කොට ඇත.