බොහෝ දෙනෙක් දිගු කෙස්වලට ආදරෙයි.
එහෙත් සමහර කෙස් දිගු කර ගැනීම සඳහා කාලයක් ගතවේ.

32 හැවිරිදි මල්රොෂාට් කුල්සික් නමැති රුසියානු කතට දිගු හිසකෙස් සඳහා වූ දැඩි ආශාව නිසාම ඇය දණහිස දක්වාම කෙස් වවා ඇති අතර ඇය පවසන්නේ ඇය සෑම මාස දෙකකට වරක් හිසකෙස් සකසන නමුත් කිසි විටෙක කපා කෙටි නොකරන බවයි. 7 හැවිරිදි වියේ සිට දිගු හිසකෙස් ඇති ඇගේ කෙස්වල විහේෂත්වය සැහැල්ලු ගුලියක් මෙන් ඇගේ සිරුර වටේට ඇලවිය හැකි බවයි.
ඇය සිරුරේ කෙස් දවටමින් අලුති විලාසිතා මැවීම නිසා සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධව ඇත.