වන සතුන්ගෙන් වගා බිම් ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි පඹයකු නිපදවා ඇතැයි නුවරඑළිය ගොවිජන සේවා සංවර්ධන නිලධාරි තුසිත කුමාර මහවිතාන මහතා කියයි.සී ටෙක් විදුලි පඹයා (ආරක්ෂිත විදුලි වැට) යනුවෙන් හඳුන්වනු ලබන මෙම
උෟරන්, මුවන්, ගෝනුන්, හාවන්, ඉත්තෑවන්, ගවයන්, පෝනින් වැනි සතුන්ගෙන් වගාබිම්වලට සිදුවන හානිය මෙම උපකරණය මඟින් වළක්වා ගත හැකි අතර වලපනේ සහ මන්දාරම්නුවර ගොවීන් මේ වන විටත් මේ පඹයා භාවිත කිරීමට පටන්ගෙන ඇති බවද මහවිතාන මහතා පැවැසීය.
රුපියල් 21,000ක් වැනි මුදලකට විදුලි පඹයා ලෙසින් හඳුන්වන උපකරණය නුවරඑළිය ගොවි ජනසේවා කාර්යාලය මඟින් ලබාගත හැකි බවද ඔහු කීය.
හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම