තමන්ට උපාධිය හිමිවන අවස්තාව වන විට මෑණියන් මියගොස් සිටි දියණියක ෆේස් බුක් වෙත යොමු කර තිබූ සංවේදී සටහනක් පහත දැක්වේ

කට්ට කාගෙන ඉගෙන ගත්තෙමි
කකුල් දෙක වතුරේ ඔබං



කන්න හරිහැටි නැතිවුනත් බඩ
සමච්චල්කල හැටියත් දරං

අම්මා අප්පා නොවිඳිනා දුක්
වින්ඳ හැටි මහමෙර තරං

ගමට ආවෙමි හෙටක් උදෙසා
උපාධිය තුරුලට අරං

හිනා විතරක් මගේ මුවගේ
අනේ රැඳිලා තිබුනානං

කවරදාවත් කඳුලු එන්නෑ
අම්මේ අද නුබ උන්නානං

බඩට වේලක් නොකා මගෙ මග
මේතරම් දුර හැදුවානං

කොච්චරක් සතුටුයිද අම්මේ
අනේ නුබ අද හිටියානං