ජාතික විශ්‍රාමික දිනය අදට (8) යෙදී තිබේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සදහන් කළේ, සියලු පළාත් ආවරණය වන පරිදි ඊට අදාළ සැමරුම් උත්සව සංවිධානය කර ඇති බවය.
ජාතික විශ්‍රාමික

වැටුප් දිනයට සමගාමීව රාජ්‍ය සේවකයින් සඳහා නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව ද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා සඳහන් කළේය.
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ඉංජිනේරුවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාවේ සංශෝධනය කිරීමේ තීරණයක් ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ට වයස අවුරුදු 63 සහ ඉංජිනේරුවන්ට වයස අවුරුදු 61 දක්වා සේවය කළ හැකියි.
ජගත් ඩයස් මහතා පැවසුවේ වසරේ මේ දක්වා කාලය වන විට ලක්ෂ 6 කට ආසන්න පිරිසක් විශ්‍රාම වැටුප් ලබන බවය.