1997 දී තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් වන  “Judwaa ” හි දෙවැනි කොටස  “Judwaa 2” නමින් හරියටම වසර
20 කට පසු 2017 වසරේ රූගත කිරීමට බොලිවුඩ් නිෂ්පාදකයින් සැලසුම් කර තිබෙන අතර එහි එකල ප්‍රධාන චරිතයට පණ පෙවූ කරිස්මා කපූර් මේ වනවිට වැඩිහිටි පෙනුමකින් යුතු නිසා ඇය වෙනුවට වෙනත් කෙනෙකු යොදාගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව “Judwaa 2” චිත්‍රපටයේ රඟපාන්නට අවසානයේ නම් කර ඇත්තේ ශ්‍රී ලංකා සම්භවය ඇති බොලිවුඩ් නිළි  ජැකලින් ෆර්නැන්ඩස්ය.
කෙසෙ වෙතත් චිත්‍රපටය  රඟපෑමට ගිවිසුම්

අත්සන් කළ මොහොතේ පටන් ඇය කාලය ගත කළේ දැඩි සිත් පීඩනයක් මැද බව මාධ්‍යට හෙළිකර මෙසේ කියා තිබේ.
“කරිස්මා වගේ විශිෂ්ට නිළියක් රඟපෑ චරිතයක් මම කොහොමද රඟපාන්නෙ කියන බයක් තමයි මට තිබුණේ. ඒ වගේම සතුටකුත් තිබුණා. කොහොම වෙතත්, රෝහිත් ධාවන් සහ ඩේවිඩ් ධාවන් කියන අධ්‍යක්ෂවරුන් යටතේ මම රඟපාල තිබුණු නිසා හිතට පුංචි අස්වැසිල්ලක් තිබුණා. මං හිතනවා, මගේ රංගනය ගැන ඩේවිඩ් සර් සෑහීමකට පත්වුණා ය කියලා.”