මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් අගෝස්තු 5 දා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අසත්‍ය ප්‍රකාශ ලබා දීමට එරෙහිව හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා රුපියල් මිලියන 500
ක් ඉල්ලා එන්තරවාසි යවා තිබේ.

වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ වැලිකඩ කෝලාහල පිළිබඳ කමිටු වාර්තාව අත්හිටුවීමෙන් රාජපක්ෂ මහතා නීතිය ක්‍රියාවට නැංවීම තහනම් කර තිබූ බව එම කතාවයි.
එම කතාව මාධ්‍ය තුළද පළවීමෙන් මහජනතාව අතර පැතිර ගොස් වසර ගණනාවක් තිස්සේ වෘත්තිය සහ දේශපාලනඥයෙකු වශයෙන් උපයාගත් තමාගේ ප්‍රතිරූපය කෙලෙසා ඇතිය යන්න එහි දැක්වේ.
වැලිකඩ කැරලි පිටුපස සිටින අයව ආරක්ෂා කරන බව කියමින් පදනම් විරහිත චෝදනා ඔහු දක්වා ඇතැයිද සති දෙකක් තුළ මුදල් ගෙවිය යුතු යයිද නැතිනම් නඩු පවරන බවද එන්තරවාසියේ දැක්වෙන බව කියැවේ.තෙන්නකෝන් මහතාට එම ලිපිය ලැබුණ බව තවම තහවුරු කර නැත.