පසුගිය 31වන දා දිවයිනට පැමිණි ජර්මන් ජාතික කාන්තාවක් ගාල්ල, කොස්ගොඩ මුහුදේ ගිලී මියගොස් තිබේ.
අදාල කාන්තාව ඉඳුරුව ප්‍රදේශයේ

හෝටලයක නවාතැන්ගෙන ඇති අතර පෙරේදා සවස ඇය මුහුදේ දිය නෑමට ගොස් ඇත.
ඉඳුරුව - යාලේගම මුහුදු තීරයේ පෙරේදා (13දා) සවස දිය නාමින් සිටියදී අතුරුදන් වූ පසු ඇය සොයා හෝටල් බලධාරීන් විමසුම් කරත් හමුවූයේ නැත.
ඊයේ අලුයම කොස්ගොඩ වෙරළට ගොඩගසා තිබියදී ඇගේ මළ සිරුර සොයා ගෙන ඇති අතර ඇය අවුරුදු 45 – 50 ත් අතර වයසේ පසුවන බව පොලීසිය සඳහන් කළේ ය.
මෘත ශරීරය මේ වන විට ඇල්පිටිය මුලික රෝහලේ තැන්පත් කර තිබේ.

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (14දා) ඇල්පිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.