ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් අද මධ්‍යහ්න 12 සිට පැය 48 ක වැඩවර්ජනයක් ආරම්භ කර
තිබේ.
විදුලි ඉංජිනේරු සංගමය හැර වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන්

මෙම වර්ජනය රට පුරා විදුලි බලාගාර, වැඩබිම් වසා දමා අරඹා තිබේ.
විදුලිබල මණ්ඩලයේ සියලූ සේවකයින් වර්ජනය සඳහා එක්ව සිටින බව ලංකා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසනවා.
 24,800 ක් වන විදුලි සේවකයින්ගේ ගැටලූ ගණනාවක් හා මිලියන 2500 කට ආසන්න මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට විදුලිබිල වැඩි කිරීමේ අසාධාරණය වෙනුවෙන් ඔවුන් මෙය අරඹා තිබේ.

රජය විසින් සිය ඉල්ලීම් වලට නිසි විසඳුම් ලබා දීමට අපොහොසත් වුවහොත් 15 වනදා සිට මෙම වැඩවර්ජනය අඛණ්ඩ ගෙන යන බවට ඔවුන් තර්ජනය කර ඇත.
මෙම වර්ජනය වැළැක්වීමට රජය සේවා අවශ්‍යතාව මත අද සිට එළඹෙන 20 වනදා දක්වා සියලූ විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන  නමුත් වර්ජනය එය ගණනකට නොගෙන අරඹා ඇත.
මොනයම් තත්ත්වයක වුවද රටට අඛණ්ඩව විදුලිය සැපයීම විදුලිබල මණ්ඩලය සතු ජාතික වගකීමක් බැවින් එම අවශ්‍යතාවය සළකා බලා අද සිට සැප්තැම්බර් 20 දක්වා සියලු සේවකයින්ගේ මෙලෙස නිවාඩු අවලංගු කර ඇත.