ඊයේ (20)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට එක්වූ ලංකාවේ සියලුම විද්‍යුත් නාලිකා ප්‍රධානීහු මේතාක් කල් අඩුවක් ලෙස පැවති  ‘විකාශකයින්ගේ සංසදය‘ නමින් සංගමයක් පිහිටුවා ගන්නා ලදි.

මෙහිදී සභාපති -

ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන - ලේකම් ලෙස දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා පත්විය.
 විකාශකයින්ගේ සංසදයේ අරමුණු හතරක් ඇති බව දක්වා තිබූ අතර ඒවා නම්
1.මාධ්‍ය කර්මාන්තයේ වෘත්තිකභාවය ඉහළ නැංවීම
2.කර්මාන්තයට පොදුවේ බලපාන අභියෝගවලට එක්ව මුහුණදීම
3.ජාතික වැදගත්කමකින් යුත් අවස්ථාවලදී එක් අරමුණක් සහිතව ක්‍රියා කිරීම
4.අචාරධර්ම සුරැකෙන මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමයි.

මෙය පිහිටුවීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රංග කලංසූරිය මහතා කැපවී කටයුතු කර තිබේ.