හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවි
කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පවරා ගත්
ලොතරැයි මණ්ඩල

දෙක නැවත මුදල් අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

අදාළ පවරා දීම පිළිබඳව මේ වනවිට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශයේ විෂය පථය යටතට පත්ව ඇත.

රවි කරුණානායක මහතා විදේශ ඇමති ධුරයට පත්වන තෙක් ලොතරැයි මණ්ඩල දෙක පැවතියේ මුදල් අමාත්‍යාංශයේ විෂය පථය යටතේය.