කෙහෙළිය පුතුගේ විවාහ මංගල්‍යයේදී
රවීට එරෙහි විශ්වාස භංගෙට අත්සන්

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ විවාහ මංගලඋත්සවය ඊයේ කොළඹදී පැවැත්වුණා.මින් ඉහත පසුගිය අප්‍රේල් මස විවාහ ගිවිසගැනීමෙන් පසු ඊයේ පැවැත්වුනේ චාරිත්‍ර වාරිත්‍ර සහිත විවාහ මංගල උත්සවයයි.රමිත් අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ නටාලි ෂෙනලිවයි.
එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්
එක්වූ අතර විශේෂ

දෙයක් වූයේ මේ දිනවල ආන්දෝලනයට තුඩුදුන් ඇමති රවීට එරෙහිව විශ්වාස භංගයක් වෙනුවෙන් අත්සන් ලබාගැනීමේ කටයුතු මෙම මංගල උත්සවය අතරතුර එම මේස වලදී සිදුවීමයි.
පහත පළවන්නේ එම ඡායාරූප කිහිපයකි.
(විවාහ මංගල්‍යයේ සම්පූර්ණ ඡායාරූප එකතුව ඉදිරියට බලාපොරොත්තු වන්න)