තමිල්නාඩුව ඇතුළු දකුණු ඉන්දියානු ජාතිකයන් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ
නැඟෙනහිර පළාතට පැමිණ
රැකියාවල නියුතු වන බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

කුඹුරුවල අස්වනු නෙළීම, ගොවිබිම්වල සහායකයන් ලෙස කටයුතු කිරීම මෙන්ම වැඩබිම්වල සේවය කිරීමෙන් ඔවුන් මුදල් උපයා ගන්නා බවද අනාවරණය වී තිබේ.

කිසියම් මුදලක් ගෙවා දකුණු ඉන්දියානු ධීවර බෝට්ටුවල නැඟී ඔවුන් මෙරටට පැමිණෙන බවද අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ.
නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කළ මෙහෙයුමකදී එසේ නීති විරෝධීව මෙරටට පැමිණ රැකියාවල යෙදී සිටි තමිල්නාඩු ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වී තිබේ. මෙසේ නීති විරෝධීව මෙරටට පැමිණ රැකියාවල යෙදී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් සිදු කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.


උපතිස්ස පෙරේරා