මියගිය තම සැමියා විසින් සංස්කරණය කරන ලද ඉංග්‍රීසි -සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ භාගය වෙනුවෙන්
ගෙවිය යුතු රුපියල් ලක්ෂ 29 ක මුදල
ගෙවීම ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පැහැර ඇති හෙයින් අදාළ මුදල ඔහු ගෙන් අයකර දෙන මෙන් ඉල්ලා මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ බිරිඳ  ශාන්තා පද්මපෙරුම ඊයේ (19) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළා.
එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කීරීම වෙනුවෙන් සන්නස්ගල මහතා කර්තෘ භාගය ලෙස රුපියල් ලක්ෂ 40ක් මුදලක් ගිවිසුම් ප්‍රකාරව ගෙවීමට පොරොන්දු වී ඇති අතර රුපියල් ලක්ෂ 11 ක් ගෙවුවද ඉතිරි මුදල වන රුපියල් ලක්ෂ 29 ක මුදල 2013/10/01 දින සිට ගෙවා නැති බවද පැමිණිලිකාරිය කියා සිටී.
ගම්ලත් මහතා මියගියේ 2013 මාර්තු මාසයේය.