කන්තලේ පේරමඩුව ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වී ඊට නුදුරින් පිහිටි නිවෙසට යමින් සිටි දස
හැවිරිදි පාසල් දැරියකට 17දා
පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු සිරින්ජරයකින් එන්නතක් විද පලා යෑම සම්බන්ධයෙන් අග්බෝපුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
යතුරුපැදියේ පැමිණි දෙදෙනා දැරියගේ පිටුපසින් දකුණු අතේ බාහුවට මෙම එන්නත විද ඇතැයි පොලිසිය පවසයි.

මේ සිදුවීම නිවැසියන්ට දැන්වීමෙන් පසුව එම දැරිය කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා තිබේ. දැරිය සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි අජිත් හේසිරි මහතාගේ උපදෙස් මත අග්බෝපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.