ෆේස්බුක් වෙබ් අඩවියේ කවි ලියා පළකිරීම හේතුවක් කරගෙන ගුරුවරයෙකුට ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් ඊයේ වාර්තා වුණා.
කුලියාපිටිය මධ්‍ය
විද්‍යාලයේ තරුණ ගුරුවරයකු මෙම අකරතැබ්බයට මුහුණ පාඇත.සේවා අවශ්‍යතා මත යැයි කියමින් තමාව ස්ථාන මාරු කළත් තමා උගන්වන විෂයට පුරප්පාඩුවුක් හෝ නැති නාරම්මල මයුරපාද විද්‍යාලයයේ තමාට කරන්න දෙයක් නැතැයි පවසන ඔහු  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මේ ගැන පැමිණිල්ලක් කළේය.
මාරුවට හේතුව ෆේස්බුක් පිටුවේ කවි ලියා පළ කිරීම බව ද එම ගුරුවරයා කොමිෂන් සභාවට කියා ඇත.