කොළඹ නගර සීමාව තුළ ගොඩගැසී ඇති කුණු මේ සතිය අවසන් වීමට පෙර ඉවත් කරන බව. බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මාධ්‍යට ඊයේ (19 වැනිදා) පැවසීය.
තමාට කොළඹ කුණු
දින තුනක්‌ ඇතුළත ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිදු පාර්ශ්වයක්‌ දැනුම් නොදුන් බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

“කොළඹ කුණු මේ සතිය ඇතුළත අස්‌ කරනවා. මම අදත් කොළඹ නගරයේ කුණු නිරීක්‍ෂණය කළා. ඒවා ට්‍රැක්‌ටර්වලින් අදිනවා. මේක වෙලා තියෙන්නේ ජනතාව කසළ වර්ගීකරණය කරන්නේ නැතිව තැන තැන කුණු දමා යැම නිසයි. දැන් කුණු අරන් යනවා. වර්ගීකරණය කරන්නේ නැතිව කුණු විසි කරලා යන අය අත්අඩංගුවට ගන්න කියලා පොලිසියට කියලයි තියෙන්නේ. නගරය සුපිරිසිදු නගරයක්‌ බවට පත්කිරීමයි මගේ අරමුණ.”