21 ඉරිදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් තරගය ජයගන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.
මුලින් පන්දුවට
පහරදී ලබාගත් ලකුනු 129 ට ප්‍රතිවාදී රයිසින් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායම පහසු ඉලක්කයක් වුවත් පන්දුවාර 20 අවසානයේ ලකුණු 128 ක් ලබා එක් ලකුණක් මදිවී ඔවුන්ට ජයග්‍රහණය පුදදීමට සිදුවුණා.
මෙවර අයි පී එල් ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි විසි පහකට (ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි 60ක් පමණ) අධික මුදල් ත්‍යාගයක් හිමිවුණ අතර අනුශූරයන්ට හිමිවන ඉන්දීය රුපියල් කෝටි 13කට ආසන්න මුදලක් හිමිවිය.මුම්බායි කණ්ඩායම මෙම ශූරතාව දිනාගත් 3 වන වතාව මෙයයි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන ලදි.