27 උදේ අගමැති සති දෙකක පුද්ගලික ගමනකට 
ඇමරිකාවට පිටත්ව ගිහින්

පසුගිය සෙනසුරාාදා (27) උදෑසන අගමැති රනිල් වික්‍රමසිංහ කලින් යොදාගත් පරිදි ඇමරිකාවේ සති දෙකක සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.
ඒ දිනය වනවිට රටපුරා ගංවතුර තත්වය උග්‍රව පැවති අතර ඔහු දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව මෙසේ පිටව ගොස් ඇත.
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් නොවන අතර
එය පුද්ගලික
සංචාරයක් බව වාර්තාවේ.

ඔහුට ඇමරිකාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවශ්‍යතාවයක් මත ඒ සඳහා කලින් දින වෙන්කරගෙන තිබීමෙන් පසු මෙලෙස ගොස් තිබේ.
කෙසේ වෙතත් පසුගිය සතියේ ගංවතුරට පෙර සිය පක්ෂ සාමාජිකයින් හමුවේ පැවති රැස්වීමකදී ඔහු කියා තිබුනේ අධික වෙහෙසකර තත්වය මත තමා විවේක ගන්නට ඇමරිකාවට යන බවයි.
අගමැතිවරයා පිටව යන්නට පෙර ෆේස් බුක් ගිණුමේ තබා තිබුණ සටහන පහතින්