ගංවතුර සිදු කළ මහවිපතින් අවතැන් වු ජනතාවට සහන ලබාදී අවසන් වනතෙක් මැතිඇමැතිවරුන් සහ නිලධාරින් සඳහා රජයෙන් අලුතින් වාහන මිල දී ගැනීමට මෙම අවස්ථාව
සුදුසු නොවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.

 මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ

‘දැන් චෝදනාවක් තියෙනවා රජයට මේ තරම් විශාල විනාශයක් සිදුවෙලා තියෙද්දී සමහර අමාත්‍යාංශවලට ගෘහ භාණ්ඩ මිල දී ගැනීමටත්, සමහර ඇමැතිවරුන්ගේ නිල නිවාස අලුත් වැඩියා කරන්නටත්, වාහන මිල දී ගන්නටත් විශාල මුදලක් වැය කිරීමට පරිපුරක ඇස්මේන්තුවකට අනුමැතිය දුන් බව. අවශ්‍යතා තියෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ කළ යුත්තේ මැතිඇමැතිවරුන් වගේම නිලධාරින් ද කැපකිරීම් කළ යුතුයි. විපතට පත් ජනතාවට සහන ලබාදීම අවසන් වන තෙක් රජයෙන් අලුතින් වාහන මිල දී ගැනීම අවශ්‍ය වෙන්නෙ නැති බව හා ඒ වරප්‍රසාද ලබා ගන්න දැන් මේ අවස්ථාව සුදුසු නොවන බවයි‘