මහ වැසි සමග ඇති වූ විදුලි බිද වැටීම් සහ විසන්දි කිරීම් හේතුවෙන් පාරිභෝගිකයින් ලක්ෂ තුනහමාරකට වැඩි
පිරිසකට තවමත් විදුලිය
නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
මේ වන විටත් පුද්ගලයින් 336,000 කට පමණ විදුලිය ලබාදීම ඇණහිට ඇත.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ අධික වර්ෂාව හේතුවෙන් විදුලි බෙදා හැරීමේ පද්ධතියට සැළකියයුතු හානි සිදුව ඇති බවයි.
ආපදා හේතුවෙන් ගෘහස්ත විදුලි පද්ධතීන්ට සිදුවූ බව කියන සුළු හානි ද නොමිලේ පිළිසකර කර දෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ඊයේ (27) නිවේදනය කළා.
විදුලිබිද වැටීම් පිළිබද දැනුම් දීමට 1987 (ලංකා විදුලිබල මණ්ඩලය), 1910 (විදුලි පුද්ගලික සමාගම) හා 1901 (විදුලිබල අමාත්‍යංශය) යන අංක ඇමතිය හැකිය.