දෙදෙනෙකුට මරු කැඳවමින් පසුගියදා පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍යනාශක නිලධාරීන්ට වෙඩි
තැබීමේ සිද්ධියට
සම්බන්ධ සැකකරුවන්ට නවාතැන් දුන් බව කියන කාන්තාවක් හා පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
44 හැවිරිදි කාන්තාවක් සහ 22 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන ඔවුන් අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අද කෑස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වෙඩි තැබූ සැකකරුවන් තවම සැඟව සිටින අතර ප්‍රධාන මහමොළකරු බව කියන මධුෂ් සිටින්නේ ඇමරිකාවේ බවද පැවසේ.